චීන Beidou චන්ද්‍රිකා මඟපෙන්වීමේ පද්ධතිය පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
2022-11-04 11:39:28
Share with:

නව යුගයේ චීන Beidou චන්ද්‍රිකා මඟපෙන්වීමේ පද්ධතිය පිළිබඳ ධවල පත්‍රිකාව චීනය නිකුත් කරයි. 

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය අද (4)  එම ධවල පත්‍රිකාව නිකුත් කළේය. චීන නව යුගයේ,  Beidou චන්ද්‍රිකා මඟපෙන්වීමේ පද්ධතිය සංවර්ධනය කිරීමේ ජයග්‍රහණ හා ඉදිරිදැක්ම එහි සඳහන් වේ. එසේම මෙම සංවර්ධන චින්තනය හා ප්‍රායෝගික අත්දැකීම් බෙදාගන්නා බව ද එම පත්‍රිකාවේ දැක්වෙයි.

 ජාතිකාරක්ෂක, ආර්ථීක හා සමාජයීය සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් චීනය දේශීය වශයෙන් ඉදිකර ඇති Beidou චන්ද්‍රිකා මඟපෙන්වීමේ පද්ධතිය, ස්වාධීනව ක්‍රියාවට නංවා ඇත. වසර කිහිපයක සංවර්ධනයෙන් පසු එම පද්ධතිය ගෝලීය භාවිතකරන්නන්ට දවස පුරාම, අධි පැහැදිලි ස්ථානගත කිරීම් සහ මඟපෙන්වීම් සඳහා වැදගත් මෙන්ම නවීන යටිතල පහසුකමක් බවට පත් ව තිබේ. Beidou චන්ද්‍රිකා මඟ පෙන්වීමේ පද්ධතිය අත්කර ගත් සංවර්ධන ජයග්‍රහණ විවිධ රටවල් සමග බෙදාගනිමින් ලෝක චන්ද්‍රිකා මඟපෙන්වීමේ කටයුතු මැනැවින් ප්‍රවර්ධනය සඳහා චීනය පොදුවේ උත්සාහ දරන බව ද  ධවල පත්‍රිකාවේ සඳහන් ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම