ශ්‍රී ලංකාවෙන් පළමු වඳුරු උණ රෝගියා හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ පවසයි
2022-11-04 15:11:12
Share with:

ශ්‍රී ලංකාවෙන් පළමු වඳුරු උණ රෝගියා හඳුනා ගැනේ.

ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙකි.

සමාජ රෝගියෙකු යැයි සිතා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී ඔහුව වඳුරු උණ රෝගියෙකු ලෙස හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසා තිබේ.

වසා ගැටිති විශාලවීම සහ වෙහෙසකාරී බව ඇතුළු තවත් රෝග ලක්ෂණ හේතුවෙන් මෙම පුද්ගලයා ප්‍රතිකාර ලබාගැනීම සඳහා ජාතික ලිංගාශ්‍රිත රෝග සායනය වෙත පැමිණ තිබේ.

එහිදී වෛද්‍යවරුන්ට ඇතිවූ සැකය මත මෙම පුද්ගලයාව වෛද්‍ය පර්යේෂණ අංශයේ වෛරස වේද අංශය වෙත යොමුකර තිබුණි.

එහිදී සිදු කෙරුණු පරීක්ෂණ අනුව වඳුරු උණ සඳහා විශේෂිත වූ ජාන හඳුනා ගැනීමට හැකිවී තිබේ.

ඒ අනුව මෙම පුද්ගලයා IDH උණ රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම