ශ්‍රී ලංකා බළධාරින් සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් අතර සකාච්ඡාවක්
2022-11-04 15:09:50
Share with:

ශ්‍රී ලංකා බළධාරින් සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් අතර  සකාච්ඡාවක් පැවැත්වේ. භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් විරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවතියේ මාර්ගගත තාක්ෂණය ඹස්සේය. ශ්‍රී ලංකාව ණය හිමියන් සමග සාධාරණ හා විනිවිධභාවයෙන් යුතුව ඉදිරි කටයුතු කර ගෙන යාමට පුර්ණ වශයෙන් කැපවි සිටී. මෙම හමුව අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ වැඩසටහන සදහා වන අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනිමේ තවත් එක් වැදගත් පියවරකි.

මෙහිදි මහ බැංකු අධිපතිවරයා සදහන් කලේ අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ වැඩසටහන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යයාය පත්‍රය ශ්‍රී ලංකාවේ මුල්‍යමය ආරක්ෂාව නැවත ඇති කරනු ඇති බවයි. රටේ වත්මන් මුල්‍ය තත්වය සහ ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබදව සාකච්ඡා කිරිමට අවස්ථාව ලැබුනු මෙම ඵලදායි රුස්විමට එකතුවිම පිළිබදව මහ බැංකු අධිපතිවරයා නිල ණය හිමියන්ට එහිදි ස්තුතිය පළ කලේය. මේ අතර මෙම සාකච්ඡා සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව තිරණාත්මක අවධියක සිටින බැවින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සදහා හැකි ඉක්මණින් අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගැනීමට ක්‍රියා කරන බවයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම