චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය මගින් චීන විවෘතභාවයේ ප්‍රබලම හඬ මුදා හැරේ
2022-11-04 22:24:14
Share with:

5 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙට(5) සිට 10වැනිදා දක්වා ෂැංහයි හිදී පැවැත්වේ. 2018 වසරේ දී ප්‍රථම වරට  පැවැත්වීමේන් පසු ලොව ආනයන තේමාගත අන්තර් ජාතික ප්‍රදර්ශනය ලෙස‍‍ට ජාත්‍යන්තර ප්‍රසම්පාදන, ආයෝජන ප්‍රවර්ධනය, මානව හුවමාරු සහ විවෘත කිරීම සහ සහයෝගීතාවය යන වේදිකා බවට පත් ව තිබේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙවර ප්‍රදර්ශනයට වීඩියෝ ආකාරයෙන් දේශනයක් කරමින් අවධාරණය කළේ චීනයේ විශාල වෙළෙඳපොළ අවස්ථා, විවෘත කිරීමේ ක්‍රමෝපායීය අවස්ථා සහ ජාත්‍යන්තර සහයෝගීතාව ගැඹුරු කිරීමේ අවස්ථා විවිධ පාර්ශ්වයන් සමග බෙදා ගැනීම  චීනය සක්‍රීය ලෙස ප්‍රවර්ධනය කරන බව ය.

චීනය බාහිර ලෝකයට විවෘත කිරීමේ මූලික රාජ්‍ය ප්‍රතිපත්තියට අනුගත වී, විවෘත කිරීමේ ජයග්‍රාහී උපාය මාර්ගය අධිෂ්ඨානශීලීව අනුගමනය කර, ආර්ථික ගෝලීයකරණයේ නිවැරදි දිශාවට අනුගත වෙමින්, දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපළ දෙකක සම්පත් සම්බන්ධ කිරීම් ශක්තිමත් කළ යුතුයැයි චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය අවධාරණය කර ඇතැයි ෂී ජින් පිං මහතා සිය දේශනයෙන් පෙන්වා දුන්නේය. චීනයේ නව සංවර්ධනයෙන් ලෝකයට නව අවස්ථා ලබා දීම සඳහා නිරන්තරයෙන්, විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට හැකි වනු ඇතැයි හෙතෙම පැවසීය.

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සෑම සමාරම්භක උත්සවයකදීම චීන ජනාධිපතිවරයා ගේ ප්‍රධාන දේශනයේදී, වැඩි විවෘතභාවය හෙතෙම අවධාරණය කළේය. ජයග්‍රාහී සහයෝගීතාව වෙනුවෙන් පෙනී සිටි චීන ජනාධිපතිවරයා ඒකාබද්ධ ප්‍රගතිය සඳහා එක්වන ලෙසට ඉල්ලා සිටියේය. චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශන පහේ ප්‍රධාන දේශනවලදී, "විවෘත කිරීම" යන වචනය 100 වතාවකට වඩා වැඩි වාර ගණනක් ප්‍රකාශ  විය.

පෙර පැවති චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හතර තුළ, නව නිෂ්පාදන, තාක්‍ෂණ හෝ සේවා 1,500කට වඩා වැඩි ප්‍රමාණයක් ගෝලීය හෝ චීන ප්‍රධාන භූමියට පිවිසි අතර, සමුච්චිත ගණුදෙනු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 272.3ක් සමඟින්, ජාත්‍යන්තර වෙළඳ වර්ධනයට සහ ලෝක ආර්ථික සංවර්ධනයට ප්‍රබල ජවයක් බවට පත් වී තිබේ.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම