චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 5වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අමතමින් චීනයේ අඛණ්‍ඩ විවෘතභාවය යළි අවධාරණය කරයි
2022-11-04 20:49:03
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 5වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අමතයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (4) රාත්‍රී පැවති 5වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් වීඩියෝ ආකාරයෙන් “විවෘත හා සමෘද්ධිමත් අපූරු අනාගතයක් පොදුවේ නිර්මාණය කිරීම” මැයෙන් යුත් ‍දේශනයක් පැවැත්වීය.

චීනය විවෘතභාවය පවත්වා ගැනීම මූලික ජාතික ප්‍රතිපත්තියක් යැයි චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසය අවධාරණය කළ බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

අන්‍යෝන්‍ය වාසිදායක හා පොදු ජයග්‍රාහී විවෘතභාවය චීනය දැඩි ලෙස අනුගමනය කරනු ඇත. චීනයේ නව සංවර්ධනය මගින් ලෝකයට නව අවස්ථා ලබා දෙමින් විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීම චීනය ප්‍රවර්ධනය කරනු ඇතැයි ද ෂී ජින් පිං මහතා කියා සිටියේය.

චීනයේ විශාල වෙළෙඳපොළ අවස්ථා,  විවෘත කිරීමේ ක්‍රමෝපායීය අවස්ථා සහ ජාත්‍යන්තර සහයෝගීතාව ගැඹුරු කිරීමේ අවස්ථා විවිධ පාර්ශ්වයන් සමග බෙදා ගැනීම  චීනය සක්‍රීය ලෙස ප්‍රවර්ධනය කරන බව ද  ෂී ජින්පිං එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම