“දකුණු චීන මුහුද පිළිබඳ විවිධ පාර්ශ්වයන්ගේ ක්‍රියාකාරීත්ව ප්‍රකාශනය”දකුණු චීන මුහුදේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇතැයි චීනය කියයි
2022-11-04 19:31:44
Share with:

“දකුණු චීන මුහුද පිළිබඳ විවිධ පාර්ශ්වයන්ගේ ක්‍රියාකාරීත්ව ප්‍රකාශනය” දකුණු චීන මුහුදේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබෙන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද (4) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය. මෙම වසර “දකුණු චීන මුහුද පිළිබඳ විවිධ පාර්ශ්වයන්ගේ ක්‍රියාකාරීත්ව ප්‍රකාශනය”අත්සන් කිරීමේ 20වැනි සංවත්සරයයි. එය අත්සන් කොට ක්‍රියාත්මක කිරීමෙන් චීනය සහ ආසියන් සංගම් රටවල් අතර දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය වැඩිදියුණු කොට තිබෙන බව හෙතෙම සඳහන් කළේය.

2002 නොවැම්බර් 4 වන දින, කාම්බෝජයේ නොම් පෙන් හි “දකුණු චීන මුහුද පිළිබඳ විවිධ පාර්ශ්වයන්ගේ ක්‍රියාකාරීත්ව ප්‍රකාශනය”ට චීනයේ සහ ආසියාන් සංගම් රටවල නියෝජිතයෝ අත්සන් තැබූහ. දකුණු චීන මුහුදේ ගැටළු සම්බන්ධයෙන් චීනය සහ ආසියාන් සංගම් රටවල් එළඹි පළමු දේශපාලන එකඟත්ව ලේඛනය මෙයයි. මෙමගින් දකුණු චීන මුහුදේ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විවිධ පාර්ශ්වයන්ගේ මූලික මූලධර්ම සහ පොදු සම්මතයන් නියම කර තිබේ.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම