චීනයට පැමිණි ජර්මානු චාන්සලර්වරයා චීන ජනපති හමුවෙයි
2022-11-04 14:56:31
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා හමු වේ.

චීනයේ බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේදී අද (04) පෙරවරුවේ එම හමුව සිදු විය. Olaf Scholz මහතා චීන පාලක කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය පැවැත්වීමෙන් පසු නිල සංචාරයක් සඳහා චීනයට පැමිණි පළමු යුරෝපීය නායකයා වීම විශේෂත්වයකි. Olaf Scholz මහතා ධුරයට පත්වීමෙන් පසු නිරත මෙම පළමු චීන සංචාරය, චීනය හා ජර්මනිය අතර අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය මෙන් ම විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කරමින් ද්විපාර්ශ්වික සම්බන්ධතාවේ ඉදිරි වර්ධනය වෙනුවෙන් මනා සැලැස්මක් සකස් කරනු ඇති බවට ෂී ජින් පිං මහතා එහිදී සිය විශ්වාස පළ කළේ ය. චීන-ජර්මානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කර මේ වසරේ අඩසියවසක් සපිරේ. සංකීර්ණ හා ගැටුම්කාරී පසුබිමක් පවතින වර්තමානයේ කිසියම් බලපෑමක් කළ හැකි රටවල් 2ක් වශයෙන් චීනය හා ජර්මනිය අත්වැල් බැඳගෙන ලෝක සාමය හා සංවර්ධනය සඳහා වඩාත් සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම