චීන අග්‍රාමාත්‍යවරයා කාම්බෝජයේ නිල සංචාරයක නිරත වීමට සූදානම්
2022-11-04 18:51:36
Share with:

චීන අග්‍රාමාත්‍යවරයා  කාම්බෝජයේ නිල සංචාරයක නිරත වීමට සූදානම් වෙයි.

කාම්බෝජ ජනරජයේ අග්‍රාමාත්‍ය Samdech Hun Sen මහතාගේ ඇරයුමකට අනුව, චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා ලබන 8වැනි දා සිට 13වැනි දා දක්වා කාම්බෝජයේ Phnom Penh හි පැවැත්වීමට නියමිත නැගෙනහිර ආසියාවේ සහයෝගිතාව සඳහා වන නායකයින්ගේ රැස්වීම් වලට එක් වනු ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද(04) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ය. 25වන චීන-ආසියන් සංගම් නායකයින්ගේ රැස්වීම, 25වන ආසියන් සංගමය සහ චීනය, ජපානය, දකුණ කොරියාව යන රටවල නායකයින්ගේ රැස්වීම මෙන් ම 17වන නැගෙනහිර ආසියා සමුළුව ද ඊට ඇතුළත් ය. මීට සමගාමී ව කාම්බෝජයේ නිල සංචාරයක නිරත වීමට ද චීන අග්‍රාමාත්‍යවරයා සූදානම් ‍වන බව විදේශ අමාත්‍යංශ ප්‍රකාශකය කියා සිටී.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම