ෂැංහයි ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ලෝක ආර්ථිකයට නව ජීවයක් ගෙන දෙනු නොඅනුමානයි
2022-11-04 08:48:30
Share with:

ගෝලීය ආර්ථික තත්ත්වය අවිනිශ්චිතව පවතින අවස්ථාවක චීනය ෂැංහයි ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පැවැත්වීමෙන් ලෝක ආර්ථිකයට  නව ජීවයක් ගෙන දෙන බව චීන ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ සහයෝගතා සංගමයේ මහ ලේකම් කවීෂ ලොකුහෙට්ටිගේ මහතා පවසයි. හුදෙකලාවෙන් තොරව සාමූහිකව ගමන් කළ යුතුය යන චීනයේ ආකල්පය ‍මින් වඩාත් පිළිබිඹු වෙයි. මෙවැනි ගෝලීය ආර්ථික අර්බුදයක දී තනිව ඉන් මිදීමට කිසිදු රටකට හැකියාවක් නොමැත. එබැවින් මෙවැනි ජාත්‍යන්තර වේදිකා මගින් ජගත් ආර්ථිකයට නව බලපොරොත්තු ගෙන දෙන බව හෙතෙම කියා සිටී. විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙවැනි අන්තර්ජාතික මට්ටමේ විශාල ප්‍රදර්ශනයකින් අවස්ථා රැසක් උදාකර ගත හැකි බව තම විශ්වාසය යැයි ද හෙතෙම කීය. ශ්‍රී ලංකාවේ තේ, මැණික් ඇතැළු භාණ්ඩ වර්ග රාශියක් මෙවර ෂැංහයි ප්‍රදර්ශයට ඉදිරිපත් කර ඇති බවද චීන ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ සහයෝගතා සංගමයේ මහ ලේකම්වරයා කියා සිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම