චීන ජනපති හා ටැන්සන්නියා ජනාධිපතිනිය අතර හමුවක්
2022-11-03 21:03:06
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීනයේ නිල සංචාරයක නිරත ටැන්සන්නියා ජනාධිපතිනි Samia Suluhu Hassan මහත්මිය හමු වෙයි. අද(03) පස්වරුවේ එම හමුව සිදුවූයේ බෙයිජිං හි පිහිටි මහජන මහා ශාලාවේ දී ය. දෙරට සබඳතාව පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයක් දක්වා වර්ධනය වී ඇති බව නායක දෙපළ ප්‍රකාශ කළහ.

ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ, Hassan මහත්මිය චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයෙන් පසු චීනය පිළි ගත් ප්‍රථම අප්‍රිකානු රාජ්‍ය නායිකාව බවයි. දෙරට අතර සමීප සබඳතාව හා චීන-අප්‍රිකානු සබඳතාව චීනයේ රාජ්‍ය තාන්ත්‍රික භාවය තුළ වැදගත් ස්ථානයක පැවතීම එමගින් පිළිබිඹු කෙරේ.

Tanzania -Zambia දුම්රිය මාර්ගය චීනය හා ටැන්සන්නියාව මෙන් ම චීන-අප්‍රිකානු මිතුදමේ සංධිස්ථානයක් ලෙසට සැළකෙන පැවසූ ෂී ජින් පිං මහතා තම රටේ නව සංවර්ධනයෙන් අප්‍රිකාව වෙත නව අවස්ථා සැලසීම චීනයේ අපේක්ෂාව බව ද සඳහන් කළේ ය.

Samia Suluhu Hassan මහත්මිය එහිදී කියා සිටියේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය පැවැත්වීමෙන් පසු කෙටි කලක් තුළ චීනයේ සංචාරය කිරීමට ආරාධනා කරනු ලැබීම පිළිබඳව සිය ගෞරවය දක්වන බවයි. ටැන්සන්නිසා-චීන සබඳතාව ඉහළ මට්ටමක පවතින බව ඉන් සනාථ වී ඇත. චීනය සිය සැබෑ මෙන් ම වැදගත් ම මිතුරෙකු ලෙස ටැන්සන්නියාව සලකයි. චීනය සමග එක්ව පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ගොඩනැංවීම මත පදනම් ව විවිධ තරාතිරම් වල ප්‍රායෝගික සහයෝගිතා තහවුරු කරමින් දෙරට සබඳතාව නව යුගයේ චීන-අප්‍රිකානු සබඳතාවේ ආදර්ශයක් බවට පත් කිරීම ටැන්සන්නියාවේ අපේක්ෂාව බව ද ඇය කියා සිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම