ගුජරාටයේ පාලම් අනතුර වෙනුවෙන් ශෝක දිනයක්
2022-11-03 10:55:27
Share with:

ඉන්දියාවේ Gujarat හි පාලමක් කඩාවැටීමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ශෝකය පළකිරීම සඳහා ඊයේ(2) එම ප්‍රාන්තයේ ශෝක දිනයක් ප්‍රකාශයට පත්කෙරිණ.

  ප්‍රාන්ත රජයේ සියලු ගොඩනැගිලි හා පොදු ස්ථානවල ජාතික ධජය අඩකුඹු කරනු ලැබීය. සියලු උත්සව හා විනෝදාස්වාද කටයුතු අවලංගු කර තිබිණ.

Gujarat ප්‍රාන්ත රජය විසින් අනතුර පිළිබඳ විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත.

පාලම කඩා වැටුණේ පසුගිය 30 වැනිදා රාත්‍රියේ යි. සිද්ධියෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව 135 කි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම