සුළි කුණාටුවෙන් සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපතිවරයා‍ට ශෝකය පළ කරයි
2022-11-03 20:43:38
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පිලිපීන ජනාධිපතිවරයා වෙත ශෝක පණිවිඩයක් යොමු කරයි .

සුළි කුණාටුවෙන් පිලිපීනයට දැඩි ජීවිත සහ දේපළ හානි සිදු වූ බව දැන ගැනීමෙන් තමා  කණගාටුවට පත්වූ බව ෂී ජින්පිං මහතා  අද (3) ‍යොමු කළ එම ශෝක පණිවිඩයේ දැක්වේ. විපතින් දිවි අහිමිවූ  අය සම්බන්ධයෙන් චීන රජය සහ ජනතාව වෙනුවෙන් ශෝකය  පළ කරන ෂී ජින්පිං මහතා ඔවුන්ගේ පවුල්වලට සහ තුවාල ලැබූවන්ට අවංක සංවේගය ද  පළකර සිටී. පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පිලිපීනයට උපරිමයෙන් උපකාර කිරීමට චීනය සූදානම් බව ද ෂී ජින් පිං මහතා සඳහන්  කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම