මානව වර්ගයා සඳහා පොදු ඉරණම සහිත ප්‍රජාව පිළිබඳ සංකල්පය 6 වතාවක් අඛණ්ඩ ව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තීරණයන්ට ඇතුළත් කෙරේ
2022-11-03 19:47:36
Share with:

මානව වර්ගයා සඳහා පොදු ඉරණම සහිත ප්‍රජාව පිළිබඳ සංකල්පය 6 වතාවක් අඛණ්ඩ ව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ බාහිර අවකාශ ආරක්ෂක තීරණයන්ට ඇතුළත් කෙරෙන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද (03) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේ ය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පළමු කමිටුව ඊයේ(02) බහුතර ඡන්දයෙන්, චීනය හා රුසියාව විසින් ඉදිරිපත් කෙරුණු ‘ බාහිර අවකාශයේ ප්‍රථමයෙන් අවි ආයුධ නොයෙදවීම’ හා ‘ බාහිර අවකාශ අවි තරගය වැළැක්වීමේ ඉදිරි ප්‍රායෝගික පියවර ’ සම්බන්ධ තීරණ සම්මත කළේ ය. බාහිර අවකාශයේදී අවි තරගය වැළැක්විය යුතු අතර, මානව වර්ගයා සඳහා පොදු ඉරණම සහිත ප්‍රජාව ගොඩනැංවීමට පොදුවේ වෑයම් කළ යුතු බව එම තීරණ 2කෙන් අවධාරණය  කෙරේ.

මානව වර්ගයා සඳහා පොදු ඉරණම සහිත ප්‍රජාව ගොඩනැංවීමෙන් ලෝකයාගේ අනාගතය අරුත් ගැන්වෙන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසීය. ලෝක සාමය චීනය අඛණ්ඩ ව සුරකිමින් පොදු සංවර්ධනය වර්ධනය කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තීන් හි එල්බ සිටින බව ද ‍ඔහු සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම