චීනය සැමවිටම සංවර්ධනය වෙමින් පවතින රටවල අවංක මිතුරෙකු සහ විශ්වාසදායී හවුල්කරුවෙකු බව අවධාරණය කෙරේ
2022-11-03 20:23:36
Share with:

චීනය සැමවිටම සංවර්ධනය වෙමින් පවතින රටවල අවංක මිතුරෙකු සහ විශ්වාසදායී හවුල්කරුවෙකු වන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද (3) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. චීන-අප්‍රිකා සහයෝගිතාව චීනය සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගීතාවයේ සාරාංශයයි. චීනය සැමවිටම සංවර්ධනය වෙමින් පවතින රටවල අවංක මිතුරෙකු සහ විශ්වාසදායී හවුල්කරුවෙකු වීම චීනය දිගු කලක් පුරා ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලින් සනාථ කර ඇතැයි Zhao Lijian මහතා පැවසීය.

බ්‍රිතාන්‍ය ජනමත සමීක්ෂණ ආයතනයක් වන You Gov විසින් මෑතකදී කරන ලද සමීක්ෂණයකින් පෙන්නුම් කළේ අප්‍රිකානු රටවල ජනතාව මෑත වසරවලදී චීනය කෙරෙහි දක්වන ලැදියාව කැපී පෙනෙන ලෙස  වර්ධනය වී ඇති බවයි. චීනය ජාත්‍යන්තර කටයුතු කෙරෙහි ඇති කරන ධනාත්මක බලපෑමේ අනුපාතය පසුගිය වසරට සාපේක්ෂව වැඩි වී තිබෙන බව සමීක්ෂණයකට එකවූ නයිජීරියානු හා කෙන්යානු පුද්ගලයන් පවසා ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම