චීන-පාකිස්තාන "දැඩි" මිත්‍රත්වයට නව ප්‍රබෝධයක් ගෙන එයි
2022-11-03 19:00:36
Share with:

"චීනය සහ පාකිස්ථානය සුහද මිතුරන්, මනා හවුල්කරුවන් සහ හොඳ සහෝදරයන් ය." ඊයේ , චීන ජනපති ෂී ජින් පිං චීනයේ නිල සංචාරයක නිරත වූ පාකිස්තාන අගමැති Shahbaz Sharif හමුවු අවස්ථාවේ දී එලෙස පැවසීය. චීනය සහ පාකිස්ථානය අතර "දැඩි" මිත්‍රත්වයට ප්‍රශංසා කළ ෂී ජින් පිං මහතා, පුළුල් උපායමාර්ගික සහයෝගීතා මට්ටම ඉහළ නංවා ගෙන සර්ව කාලීන උපායමාර්ගික හවුල්කාරීත්වය සඳහා නව යුගයේ සමීප ද්විපාර්ශ්වික පොදු ඉරණම සහිත ප්‍රජාව ගොඩනැගීම වේගවත් කිරීම සඳහා පාකිස්ථානය සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බව පැවසීය. පාකිස්ථාන-චීන සර්ව කාලීන උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය ගැඹුරු කිරීම පාකිස්ථාන විදේශ ප්‍රතිපත්තියේ සහ සමාජයේ සියලුම අංශවල එකඟතාවයේ මුදුන් ගල බව Shahbaz Sharif මහතා පැවසීය.

අගමැති Shahbaz Sharif මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික ‍ කොංග්‍රසයෙන්  පසු චීනය ආරාධනා කළ පළමු විදේශීය නායකයාය. මෙම හමුව චීනය සහ පාකිස්ථානය අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය, උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය සහ පුළුල් එකඟතාව මුළුමනින්ම මූර්තිමත් කරන අතර නව යුගයේ චීන-පාකිස්ථාන සබඳතා වර්ධනය සඳහා පැහැදිලි සැලැස්මක්  ඉන් සකස් කෙරේ. මෙම හමුවේදී  චීන ජනාධිපති  ෂී ජින් පිං මහතා  ප්‍රකාශ කළේ පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පාකිස්ථානයට සහාය වීම සඳහා චීනය අමතර හදිසි ආධාර ලබා දෙන බවයි. "පාකිස්ථානය වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට උදව් කිරීමේදී චීනය තරම් අවංක වෙනත් රටක් නැත" යනුවෙන් Shahbaz Sharif මහතා එහිදී සිය හැඟීම් පළ කළේය. ඇත්ත වශයෙන්ම, එවැනි අවංකභාවය එකිනෙකාට උපකාර කිරීම පමණක් නොව, "චීනයේ නව සංවර්ධනය සමඟ පාකිස්ථානයට සහ ලෝකයේ අනෙකුත් රටවලට නව අවස්ථා ලබා දීම" ද වේ.

සාම්ප්‍රදායික මිත්‍රත්වය තහවුරු කර, සහයෝගීතාවය වැඩිදියුණු කරමින් නව ප්‍රබෝධයක් ඇති කිරීම මගින් චීනය සහ පාකිස්තානය වඩාත් දීප්තිමත් අනාගතයක් වැළඳ ගනු ඇත. නව යුගයේ ඉරණම සහිත සමීප චීන-පකිස්ථාන ප්‍රජාවක් නිසැකවම ලෝක සාමය, ස්ථාවරත්වය සහ පොදු සමෘද්ධිය සඳහා වැඩි දායකත්වයක් සපයනු ඇත.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම