හොංකොං, අභ්‍යන්තර චීනය හා ලෝකය යා කරන වැදගත් ආර්ථික වේදිකාවක්
2022-11-03 10:43:17
Share with:

 ජාත්‍යන්තර මූල්‍ය සේවා ප්‍රධානීන්ගේ ආයෝජන සමුළුව හොංකොංහි දී පැවැත්වේ.

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මූල්‍ය සේවා අධිකාරිය විසින් ඊයේ(2) එම සමුළුව පවත්වනු ලැබීය. දෙස් විදෙස් මූල්‍ය සේවා ආයතන 120ක නියෝජිතයෝ 200කට වැඩි පිරිසක් ඊට සහභාගි වූහ. පොළී අනුපාත ඉහළ යාම, උද්ධමන අවදානමෙන් මතුවූ අස්ථිර බව, විද්‍යා තාක්ෂණ හා තිරසර සංවර්ධනය ඇතුළු ගෝලීය මූල්‍ය සේවා ක්ෂේත්‍රය මුහුණ පා ඇති අභියෝග සහ අවස්ථා කෙරෙහි එහිදී අවධානය යොමුවිය.

හොංකොං, අභ්‍යන්තර චීනය හා ලෝකය යා කරන වැදගත් වේදිකාවක් බව හොංකොං විශේෂ පරිපාලන කලාපයේ විධායක නිලධාරි John Lee Ka-chiu මහතා එම සමුළුවේ දී දේශනයක් පවත්වමින් පැවසීය. ලෝක ආර්ථික කේන්ද්‍රය නැගෙනහිරට මාරුවීමත් සමගම අභ්‍යන්තර චීනයේ හා හොංකොංහි වේගයෙන් වර්ධනය වන ආර්ථික ඒකක ගෝලීය ආර්ථික වර්ධනයේ වැදගත් එන්ජිමක් ලෙස ක්‍රියාකරනු  ඇත. ප්‍රවීණයන් පිරිසක්, යටිතල පහසුකම් හා තාක්ෂණික සංචිතයක් සතු හොංකොං කලාපය, අභ්‍යන්තර චීනයේ ව්‍යවසායයන් හා ආයෝජන විදේශයන්ට හඳුන්වා දීමටත් ජාත්‍යන්තර ව්‍යාපාර හා ආයෝජන චීනයට හඳුන්වා දීමටත් සහාය වනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම