මෙතෙක් පත් කර නැති සියලු‍ පාර්ලිමේන්තු කමිටු අයවැයට පෙර පත් කරන ලෙසට ජනපති ගෙන් උපදෙස්
2022-11-03 15:14:09
Share with:

මෙතෙක් පත් කර නැති සියලු‍ පාර්ලිමේන්තු කමිටු අයවැයට පෙර පත් කර අවසන් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාට උපදෙස් දෙයි. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලාත්මක වන පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාද හැකි ඉක්මනින් පිහිටුවන ලෙසටද ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබී ඇත.

ආංශික අධීක්ෂණ කාරක සභා 17 සඳහා මන්ත්‍රී නාම ලේඛන ඉදිරිපත් කරන ලෙස සියලු‍ දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබේ. අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා විසි නවය පසුගිය සතියේදී පත් කෙරිණ.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ මුදල් කමිටු තුනක් අලු‍තින් පිහිටුවීමට ද තීරණය කර ඇත. එම කමිටු පිහිටුවීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරරිපත් කරන ලෙස දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇති බවද වාර්තා වේ.

 

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම