විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියට පවතින බාධා ඉවත් කිරීමට පියවර
2022-11-03 15:15:08
Share with:

විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියට පවතින බාධා ඉවත් කිරීමට රජය පියවර ගනී. පවතින එවැනි බාධා ඉවත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට උපදෙස් දුන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එලෙස බාධා ඇති වීමට තුඩු දී ඇති 2021 අංක 18 දරණ චක්‍රලේඛය ද වහා අහෝසි කරන ලෙසට දැනුම් දී තිබේ.රාජ්‍ය පරරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ඊයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ. විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියට 2021 අංක 18 දරන චක්‍රලේඛය මගින් විවිධ සීමා පනවා තිබේ.මෙම චක්‍රලේඛයට අනුව විවාහයකදී ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් ලබාගත යුතුව ඇත.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම