චීන වියට්නාම සබඳතාව අඛණ්ඩව ප්‍රවර්ධනය කෙරේ
2022-11-02 10:48:44
Share with:

චීන වියට්නාම සබඳතාව අඛණ්ඩව ඉහළ මට්ටමකට ගෙන යාම ප්‍රවර්ධනය කෙරේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනාවකට අනුව වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් Nguyen Phu Trong මහතා ඔක්තෝබර් 30 වනදා සිට නොවැම්බර් 2 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත විය. නව යුගයේ චීන වියට්නාම පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සබඳතාව අඛණ්ඩව ඉහළ මට්ටමකට ගෙන යාම ප්‍රවර්ධනය කිරීමට ෂී ජින් පිං මහතා සහ Nguyen Phu Trong මහතා අතර බෙයිජිං මහජන මහ ශාලාවේ පැවති හමුවේ දී එකඟතාව පළ විය.

එම හමුවේදී ෂී ජින් පිං මහතා පැවසුවේ සංවර්ධිත රටවල් වසර සිය ගණනකින් සම්පූර්ණ කළ කාර්මිකකරණය චීනය දශක  කිහිපයකින් අවසන් කරමින් වේගවත් ආර්ථික වර්ධනය හා දිගුකාලීන සමාජ ස්ථාවරත්වය යන ආශ්චර්ය දෙකක් බිහි කර ඇති බවයි. එසේම ගෙවී ගිය වසර 30 තුළ වියට්නාමය ආර්ථික  ප්‍රතිසංස්කරණ මගින් කලාපීය හා ගෝලීය වැඩි ම ආර්ථික වර්ධන අනුපාතයක් සහිත රටවල් වලින් එකක් බවට පත්ව තිබේ. සමාජවාදී නවීකරණය අතින් චීනය හා වියට්නාමය ලබා ගත් ජයග්‍රහණ, සංවර්ධනය වෙමින් පවතින රටවලට ආදර්ශයක් ලෙස ගත හැකි අතර මානව ප්‍රජාවේ වර්ධනයට එය සක්‍රීය දායකත්වයක් සපයා ඇති බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

වියට්නාමය එකම චීනය ප්‍රතිපත්තිය ස්ථීර ලෙස අනුගමනය කරන අතර කවර‍හෝ  ආකාරයේ තයිවාන බෙදුම් ක්‍රියාකාරකම්වලට  දැඩිව විරුද්ධ වෙමින් තායිවාන ප්‍රදේශය සමග කිසිදු නිල සබඳතාවක් නොපවත්වන බව Nguyen Phu Trong මහතා අවධාරණය කළේ ය. එම ප්‍රකාශයෙන්, වියට්නාමය චීනයට ලබා දෙන ස්ථීර සහය යළි පිළිබිඹු කෙරේ.

බහුපාර්ශ්වික කටයුතු වල සංවාද ශක්තිමත් කිරීම, කේන්ද්‍රීය ප්‍රතිලාභ හා ප්‍රධාන අවධානයට ලක් වන ප්‍රශ්න අතින් අන්‍යෝන්‍ය වශයෙන් සහය ලබා දීම, ඒකාබද්ධව බහුපාර්ශ්වවාදය හා ජාත්‍යන්තර ප්‍රජාවේ සාධාරණත්වය හා යුක්තිය රැක ගැනීම මගින් චීනය හා වියට්නාමයට කලාපීය හා ලෝක සාමය හා වර්ධනය ප්‍රවර්ධනය කළ හැකි යැයි විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම