චීනය ශැංහයි සහයෝගිතා සංවිධානයේ විවිධ පාර්ශ්වයන් සමග සහයෝගිතා වඩාත් ශක්තිමත් කරනු ඇතැයි චීන අග්‍රාමාත්‍යවරයා පවසයි
2022-11-02 10:07:09
Share with:

චීන අගමැති ලි ක ච්‍යං මහතා ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල අග්‍රාමාත්‍යවරුන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 21වැනි රැස්වීමේ මුලසුන දරයි.

ඊයේ (01) බෙයිජිංහිදී වීඩියෝ ආකාරයෙන් එම රැස්වීම පැවැත්විණ. විවිධ පාර්ශ්වයන් සමග දේශපාලන විශ්වාසය, සහයෝගිතා සහ මිත්‍ර හුවමාරු ශක්තිමත් කරමින් ශැංහයි ජීවගුණය වඩාත් ඉදිරියට ගෙන යමින් විවිධ රටවල ජනතාවට සෙත සැලසීමට චීනය කැමති බව ලි ක ච්‍යං මහතා එහිදී කියා සිටියේ ය. චීනය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය යන මූලික ජාතික ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කරමින් සාමකාමී සංවර්ධන මාවතේ එල්බ සිටින බව පසුගිය දා ‍පැවති චීන පාලක ‍කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසය තහවුරු කර ඇත. චීනය ශැංහයි සහයෝගිතා සංවිධානයේ විවිධ පාර්ශ්වයන් සමග සහයෝගිතා වඩාත් ශක්තිමත් කරනු ඇතැයි ද චීන අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ශැංහයි සහයෝගිතා සංවිධානය විවිධ ක්ෂේත්‍රවල ලබාගෙන ඇති සහයෝගිතා ජයග්‍රහණ එහිදී සක්‍රීය ඇගයීමට ලක් විය. ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව සහ දේශගුණ විපර්යාස ඇතුළු අභියෝගවලට පොදුවේ මුහුණ දෙමින් විවිධ රටවල ජනතාවගේ සුබසෙත වර්ධනය කිරීමට රැස්වීමට එක් වූ විවිධ පාර්ශ්වයන් කැමැත්ත පළ කර තිබේ.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම