මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් ඇතැම් රටවල් පදනම් විරහිතව චීනයට පහර ගැසීම සම්බන්ධයෙන් චීනයේ විරෝධය
2022-11-02 15:34:38
Share with:

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී මානව හිමිකම් ප්‍රශ්න පිළිබඳව ඇතැම් රටවල් පදනම් විරහිතව චීනයට පහර ගැසීම සම්බන්ධයෙන්  චීනය විරෝධය පළ කරයි.

ඇමරිකාව හා කැනඩාව යනාදී ඇතැම් රටවල් 77 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තුන්වන කමිටුවේදී කුඩා කවයක් එකතු කර, දේශපාලන ගැටුම් අවුලුවා, චීනයට එරෙහිව‍ දෝෂාරොපන එල්ල කර ඇත. එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත කණ්ඩායමේ වැඩබලන නිලධාරි DaiBin මහතා ඊට දැඩි ලෙස විරුද්ධ විය.

ඇමරිකාව සහ බටහිර රටවල් මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් ද්විත්ව ප්‍රමිතීන් අනුගමනය කරමින්, සාමාජික රටවල් දස ගණනකට චෝදනා කළ නමුත් හිතාමතාම තමන්ගේ සහ සිය සන්ධාන රටවල මානව හිමිකම් පිළිබඳ වැරදි ක්‍රියාවන් නොසලකා හරිමින් සිටී. මානව හිමිකම් මුවාවෙන් සිය අභ්‍යන්තර ගැටුම් වෙනතකට යොමු කිරීමට එම රටවල් උත්සාහ කරන බව චීන පාර්ශ්වය එම සැසියේදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම