රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වත්මන් රජය උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇතැයි අගමැති කියයි
2022-11-02 15:00:06
Share with:

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වත්මන් රජය උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියයි. දැනට පවතින දුෂ්කර කාලපරිච්ඡේදය ඉදිරි මාස කිහිපය තුල ලිහිල් කර ගැනීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි. රට හමුවේ ඇති ජාත්‍යන්තර ණය ගැටඵවෙන් ගොඩ ඒමට මුඵ රටම එකාවන්ව උත්සාහ දැරිය යුතු බව අගමැතිවරයා පැවසුවේ සමස්ත ලංකා හාබර් සහ ඩොක් කම්කරු සමිතියේ 77 වන සංවත්සර මහ සභාවට කොළඹ දී එක් වෙමිනි. රුපියල අවප්‍රමාණය වී ජීවන වියදම දරාගත නොහැකි අන්දමින් ඉහල ගොස් ඇති බව සියලු දෙනා පිළිගත යුතු බව අගමැතිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම