මැතිවරණ විනිශ්චය අධිකරණයක් පිහිටුවීමට යෝජනා
2022-11-02 15:01:18
Share with:

මැතිවරණ නීති උල්ලංගණය කිරීම් විමර්ශනය කිරීම සඳහා ඉදිරියේදී මැතිවරණ විනිශ්චය අධිකරණයක් පිහිටුවීමට යෝජනා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා කියයි. මැතිවරණ සමයේ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ගතවන දීර්ඝ කාලය සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන තිබේ. පසුගිය මැතිවරණයක දී මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ සිද්ධියකට අදාලව නඩු පවරන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමට වසර 5 ක කාලයක් ගත විය. ඒ අයුරින් ගත වන දීර්ඝ කාලය හේතුවෙන් මැතිවරණ නීති සම්බන්ධයෙන් ජනතාව තුල ඇති විශ්වාසය බිඳ වැටෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දුන්නේ මහනුවර දිසා ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ ඊයේ පැවති වැඩමුඵවකට එක් වෙමිනි.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම