අරාබි ලීගයේ නායක කවුන්සිලයේ 31වන රැස්වීමට චීන ජනාධිපතිවරයා ගෙන් සුභ පැතුම්
2022-11-02 14:51:44
Share with:

අරාබි  ලීගයේ නායක කවුන්සිලයේ 31වන රැස්වීම Algiers හිදී ඇරඹේ.

ඒ වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම කවුන්සිලයේ වාරික සභාපති, ඇල්ජීරියාවේ ජනාධිපති Abdelmadjid Tebboune මහතා වෙත සුභ පැතුම් පණිවුඩයක් යොමු කළේ ය. 

ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ, අරාබි ලීගය අරාබි ලෝකයේ එක්සත් වීම හා ස්වයං සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට වැදගත් බවයි. මැදපෙරදිග සාමය හා ස්ථාවරත්වය, අරාබි ලීගය සක්‍රීය ව ප්‍රවර්ධනය කරන අතර, බහු පාර්ශ්විකත්වය හා සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අවශ්‍යතා ආරක්ෂා කිරීමට අරාබි ලීගය නොනවතින උත්සාහයන් සිදු කළ බව ද හෙතෙම පැවසීය.

චීනය හා ඇල්ජීරියාව ඇතුළු අරාබි රටවල් අතර මිත්‍රත්වය කාලයත් සමග වඩාත් ශක්තිමත් වී ඇත. මෑත වසරවල, දෙපාර්ශ්වය අතර දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය වඩාත් තහවුරු වී ඇති අතර, "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ එක්ව ගොඩනැගීම පුළුල් ලෙස ප්‍රවර්ධනය කෙරේ . නව කොරොනා වසංගතයට මුහුණ දීමේදී චීනය සහ අරාබි රටවල් එකිනෙකාට උදව් කිරීම දකුණු-දකුණු සහයෝගීතාවේ ආදර්ශයක් වී තිබේ. 

අරාබි රටවල් සමඟ, අන්‍යෝන්‍ය සහාය වර්ධනය කිරීමට, සහයෝගතා පුළුල් කිරීමට, නව යුගයකට මුහුණ දීම පිළිබඳ චීන-අරාබි පොදු ඉරණමක් සහිත ප්‍රජාව ඉදි කිරීමට මෙන්ම, ලෝක සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා දායක වීමට, චීනය කැමැත්තෙන් සිටින බව, ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම