ටැන්සානියානු ජනාධිපතිවරිය චීනයේ නිල සංචාරයකට සූදානම්
2022-11-02 16:47:13
Share with:

ටැන්සානියානු ජනාධිපතිවරියගේ එළඹෙන චීන නිල සංචාරය චීනය උණුසුම් ලෙස පිළිගන්නා බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද(2) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

ටැන්සානියානු ජනාධිපති Samia Suluhu Hassan මහත්මිය චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයෙන් පසු චීනය පිළි ගන්නා ප්‍රථම අප්‍රිකානු රාජ්‍ය නායිකාව බව හෙතෙම පැවසීය. Hassan මහත්මියගේ සංචාරයෙන් චීන-ටැන්සානියානු උසස් මට්ටමේ මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබිඹු වන අතර මෙවර සංචාරය ද්විපාර්ශ්වික සබඳතාවේ ඉහළ මට්ටමේ වර්ධනයක් ලබා ගැනීම ප්‍රවර්ධනය කරනු ඇතැයි Zhao Lijian මහතා සඳහන් කළේය.

චීනයේ ටැන්සානියානු තානාපතිවරයා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී දෙරට අතර සක්‍රීය සහයෝගය විස්තර කළ  අතර ජනාධිපති Hassan මහත්මියගේ චීන සංචාරයේ ප්‍රතිඵල කෙරෙහි අපේක්ෂා කළේය.

ගුවන් විදුලිය
20230402ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම