චීන ජනපති හා පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්
2022-11-02 16:03:19
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීනයේ නිල සංචාරයක නිරත පාකිස්ථාන අග්‍රාමාත්‍ය Muhammad Shahbaz Sharif මහතා හමු වෙයි. හමුව අද(02) පෙරවරුවේ බෙයිජිං හි පිහිටි මහජන මහා ශාලාවේ දී සිදු විය.

ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ චීන-පාකිස්ථාන සබඳතාව චීනය අඛණ්ඩ ව උපාය මාර්ගික හා දිගුකාලීන දෘෂ්ටියෙන් සලකන බවයි. අසල්වැසි රටවල් සමග පවත්වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ දී පාකිස්ථානය ප්‍රමුඛ ස්ථානයක තැබේ. පසුගිය දා පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයෙන් ලබා ඇති දැවැන්ත ප්‍රගතීන් විග්‍රහ කළ ෂී ජින් පිං මහතා, චීනයේ නව සංවර්ධනය හරහා පාකිස්ථානය ඇතුළු විවිධ රටවලට නව අවස්ථා සැලසීම චීනයේ අපේක්ෂාව බව පෙන්වා දුන්නේ ය.

පාකිස්ථානය සමග එක්ව, ගෝලීය සංවර්ධන මුලපිරුම හා ගෝලීය ආරක්ෂක මුලපිරුම සාක්ෂාත් කිරීම තහවුරු කරමින්, දෙරටේ සංවර්ධනයටත් ලෝක සාමයට මෙන් ම පොදු සමෘද්ධියටත් සවියක් ලබා දීමට චීනය කැමති බව ද ෂී ජින් පිං මහතා කියා සිටී.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය Muhammad Shahbaz Sharif මහතා තම රටේ රජය හා ජනතාව වෙනුවෙන් ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ධුරයට යළි තේරී පත්වීම පිළිබඳව යළිත් සුබ පැතීය.  ෂී ජින් පිං මහතා ගේ සවිමත් දැක්ම යටතේ චීනයට වඩාත් දැවැන්ත ප්‍රගතීන් අත්කර ගැනීමට හැකි වෙනවා පමණක් නොව, වඩාත් ශක්තිමත් අනාගතයක් කරා ගමන් කිරීමට ලෝකයට මාර්ගෝපදේශයක් දීමට හැකි ‍වනු ඇති බවට අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ය.

චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝ සංවර්ධනය පාකිස්ථාන සමාජ වර්ධනයට දැවැන්න බලපෑමක් එල්ල කරයි. චීනය සමග එක්ව ‘ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ’ අධි ගුණාත්මකභාවයෙන් යුතුව පොදුවේ ගොඩනැංවීම පාකිස්ථානයේ අපේක්ෂාවයි. ෂී ජින් පිං මහතා විසින් ඉදිරිපත් කෙරුණු ගෝලීය සංවර්ධන මුලපිරුම හා ගෝලීය ආරක්ෂක මුලපිරුම වෙත පාකිස්ථානය මුළුමනින් ම සහාය දක්වයි. චීනය සමග පාකිස්ථානය සදාකාලීන ව එක්ව සිටින බව ද පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම