තමාට ආවේණිකවූ නවීකරණය සමග ඉදිරියට ගමන් කරන චීනය
2022-11-01 15:30:31
Share with:

චීනය වර්තමානය වන විටත් ලෝක ආර්ථිකයේ වැඩි ඉඩකඩක් නිර්මාණය කරගනිමින් සිටී. එය චීනයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ විග්‍රහයක දී මනාව පැහැදිලි වනු ඇත. “එක් තීරයක් එක් මාවතක්“ වැඩසටහන එම වැඩපිළිවෙළ තුළ වඩාත් සුවිශේෂී වේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයත් සමග චීනයේ අනාගත දැක්ම පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගත හැකි  බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ප්‍රවීණ දේශක චතුර මහආරච්චි මහතා ප්‍රකාශ කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයේ දී ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ වාර්තාව වෙත සමස්ත ලෝකයේම අවධානය යොමුවිය. එහි දී චීන ජනාධිපතිවරයා,  චීනයේ සියලු ජාතීන්ට මෙම කොංග්‍රසය තුළින් මගපෙන්වීමක් කෙරෙන බව පැවසූ අතර, චීනය නවීකරණය වූ සමාජවාදී රටක් බවට පත්වීම පිළිබඳව ද වැඩි අවධානයක් යොමුකළේය.

දෙවන ශතවර්ෂයේ ඉලක්ක සැබෑ කිරීම සහ චීනයට ආවේණික නවීකරණ මාර්ගයක චීනය ගමන් කරන බව ද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. වර්තමානයට පමණක් සීමා නොවී, අනාගතයට උචිත ආර්ථික හා දේශපාලන දැක්මකින් යුතුව චීනය මේ වන විටත් කටයුතු කරන බව ද හෙතෙම කියාසිටී. චීනය ලෝකයේ අධිපතිවාදය හා ව්‍යාප්තවාදී සංකල්ප අනුව ක්‍රියා නොකරන බව ද මෙවර කොංග්‍රසයේ දී අවධාරණය කෙරිණ. ඇමරිකා එක්සත් ජනපදය සිය දේශපාලන ප්‍රතිපත්ති යටතේ ඉරාකය සහ ඇෆ්ගනිස්තානය වැනි රටවල් ආක්‍රමණය කරමින් කටයුතු කළ බව ද චතුර මහආරච්චි මහතා පවසයි.

ගුණාත්මකභාවයෙන් යුතු මෙන්ම නවීකරණය වූ රටක් ලෙස, ලෝකයේ රටවල් සමග සහයෝගයෙන් අනාගතය වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් චීනය ඉටුකරමින් සිටින බව ද, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ප්‍රවීණ දේශක චතුර මහආරච්චි මහතා වැඩිදුරටත් පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම