2022 වසරේ ඇමරිකාවේ ජාතිකාරක්ෂක උපායමාර්ග සම්බන්ධ වාර්තාව චීනයේ දෝෂ දර්ශනයට
2022-11-01 19:22:07
Share with:

2022 වසරේ ඇමරිකාවේ ජාතිකාරක්ෂක උපායමාර්ග සම්බන්ධ වාර්තාව චීනයේ රාජ්‍ය තාන්ත්‍රික ජාතිකාරක්ෂක ප්‍රතිපත්තිය සිතාමතා විකෘති කිරීමක් බවට චීනය චෝදනා කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද(01) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේ ය.

මෙම වාර්තාව පසුගිය දා ඇමරිකා ධවල මන්දිරය විසින් නිකුත් කෙරුණු ‘ ජාතික සුරක්ෂිතතා උපායමාර්ගය ’ පිළිබඳ වාර්තාව මෙන් විශාල රටවල තරගකාරීත්වය අතිශයෝක්තියෙන් ප්‍රකාශ කර ඇති බව ඔහු පවසයි. තම වාසිය උදෙසා අනෙකා ගේ වාසි අහිමි කිරීමේ චින්තනය හා අධිපතිවාදය එම වාර්තාවෙන් පිළිබිඹු කෙරෙන බව ද Zhao Lijian මහතා කියා සිටී.

ඇමරිකාවේ ජාතිකාරක්ෂක අමාත්‍යංශය පසුගිය දා නිකුත් කළ 2022 වසරේ ඇමරිකාවේ ජාතිකාරක්ෂක උපායමාර්ග සම්බන්ධ වාර්තාවේ සඳහන් කර ඇත්තේ, චීනය එරට ජාතික සුරක්ෂිතතාවට එරෙහිව ඊනියා ‘ බරපතලම පද්ධතිමය අභියෝගයක් ’ එල්ල කර ඇති බව ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම