මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම කෙරෙහි රටවල් රැසක විරෝධය
2022-11-01 12:57:52
Share with:

එක්සත් ජාතීන්ගේ 77 වැනි මහා මණ්ඩලයේ තුන්වන කමිටුවේ දී ඇමරිකාව සහ කැනඩාව වැනි රටවල් කිහිපයක්, චීනය අපකීර්තියට පත්කිරීමට දැරූ උත්සාහය ලොව රටවල් රැසක් හෙළාදකී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් බහුතර පිරිසක් මේ සම්බන්ධයෙන් දේශන පවත්වමින් චීනයට සහය පළකර ඇති අතර, මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම කෙරෙහි විරෝධය දක්වා ඇත.  

එම කමිටුවේ දී කියුබාව, රටවල් 66 ක් වෙනුවෙන් චීනයට සහය කිරීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් පළකළේ ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කියුබානු නිත්‍ය දූත මණ්ඩලයේ පළමු ලේකම්වරයා එහිදී පෙන්වා දුන්නේ, ජාතික ස්වෛරීත්වය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම මෙන්ම, ස්වෛරී රාජ්‍යවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම යනු ජාත්‍යන්තර සබඳතාවල ප්‍රධාන මූලධර්මය වන බවයි.

ෂින්ජ්‍යං, ‍හොංකොං සහ ටි‍බෙට් සම්බන්ධ කටයුතු යනු චීනයේ අභ්‍යන්තර කරුණු ය. මානව හිමිකම් දේශපාලනීකරණය, ද්විත්ව ප්‍රමිතිය මෙන්ම, මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම කෙරෙහි දැඩි විරෝධය පළකරන බව, ඔහු එහි දී අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම