රටේ ආදායම සියයට 15 දක්වා ඉහළ නංවා ගැනීමේ ඉලක්කය 2026 වන විට සපුරා ගැනීම අරමුණ බව ජනපති කියයි
2022-11-01 14:57:13
Share with:

බිද වැටී ඇති මෙරට තේ කර්මාන්තය යළි නංවාලීම සදහා විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. අපනයන ආර්ථිකයක් කරා යන ගමනේදී එය බෙහෙවින් වැදගත් පියවරකි. අතීතයේ මෙරට තේ කර්මාන්තයේ පැවැති සශ්‍රීකත්වය යළි උදා කරගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහ සභා රැස්වීමට පසුගියදා එක්වෙමිනි. රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව එහිදී කරුණු දැක්වු ජනාධිපතිවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීම හැර ගත හැකි විකල්පයක් නොතිබු බව සදහන් කළේය. මේ වසරේ ආර්ථික වර්ධන වේගය ඍන හතක් විය. එය ලබන වසරේ ඍන 3 ක් වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. මේ වනවිට සියයට 8 යි දශම 5 ක් වන රටේ ආදායම සියයට 15 දක්වා ඉහළ නංවා ගතයුතුය. එම ඉලක්කය 2026 වන විට සපුරා ගැනීම අරමුණයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම