වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයාට චීනයේ මිත්‍ර පදක්කම පිරිනැමේ
2022-11-01 09:42:47
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා, වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් Nguyễn Phú Trọng මහතා වෙත චීනයේ මිත්‍ර පදක්කම පිරිනමයි.

පදක්කම් ප්‍රදානෝත්සවය බෙයිජිංහි මහජන මහ ශාලාවේ දී උත්කර්ෂවත් අයුරින් ඊයේ(31)  පැවැත්විණ.

මහලේකම් Nguyễn Phú Trọng මහතාගේ නිසි අවධානය හා උත්සාහය යටතේ චීන වියට්නාම කොමියුනිස්ට් පක්ෂ අතර හා දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය තහවුරු වෙමින්, ප්‍රායෝගික සහයෝගතා හා අදහස් හුවමාරු ද දිනෙන් දින පුළුල් වී ඇතැයි, ෂී ජින්පිං මහතා එම අවස්ථාවේදී කියා සිටියේය. මෙම මිත්‍ර පදක්කම තුළින් චීන කොමියුනිස්ට් පක්ෂය හා චීන ජනතාව, Nguyễn Phú Trọng මහතා හා වියට්නාම ජනතාවට දක්වන සුහද හැඟීම් මෙන් දෙරට අතර ඇති ගැඹුරු සහෝදරත්වය ද පිළිබිඹු වන බව ඔහු පැවසීය.

  තමාට මිත්‍ර පදක්කම පිරිනැමීම සම්බන්ධයෙන් මහලේකම් ෂී ජින්පිං මහතාට ස්තුතිවන්ත වන බවත්, එම කීර්තිය තමා ගෞරවයෙන් පිළිගන්නා බවත් Nguyễn Phú Trọng මහතා සඳහන් කළේය. වියට්නාම ජනතාව සමග එක්ව සමාජවාදී මාර්ගයේ ස්ථිරව ගමන් කරමින්, චීනය සමග සහෝදරත්වය තහවුරු කර වඩාත් දීප්තිමත් අනාගතයක් පොදුවේ නිර්මාණය කිරීම තම අපේක්ෂාව බව ද ඔහු අවධාරණය කර ඇත. 

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම