චීන උප අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරුවේ නිල සංචාරයක
2022-11-01 15:35:12
Share with:

චීන උප අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වීමට සූදානම් වෙයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා ඊයේ(31) ප්‍රකාශ කළේ, සිංගප්පූරුවේ උප අග්‍රාමාත්‍ය Heng Swee Keat මහතාගේ ඇරයුමකට අනුව, චීන උප අග්‍රාමාත්‍ය Hanzheng මහතා නොවැම්බර් පළමුවැනි දා සිට දෙවැනි දා දක්වා සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වන බවයි. උප අග්‍රාමාත්‍ය දෙපළ ගේ පොදු ප්‍රධානත්වය යටතේ චීන-සිංගප්පූරු ද්විපාර්ශ්වික සහයෝගිතා ඒකාබද්ධ කමිටුවේ 18වැනි රැස්වීම, චීන-සිංගප්පූරු Suzhou කාර්මික උද්‍යානයේ ඒකාබද්ධ සම්බන්ධීකරණ කවුන්සලයේ 23වන රැස්වීම, චීන-සිංගප්පූරු Tianjin ජෛව නාගරික ඒකාබද්ධ සම්බන්ධීකරණ කවුන්සලයේ 14වැනි රැස්වීම සහ චීන-සිංගප්පූරු උපායමාර්ගික අනෝන්‍ය සබඳතා  පිළිබඳ ආදර්ශ ව්‍යාපෘතියේ ඒකාබද්ධ සම්බන්ධීකරණ කවුන්සලයේ 6වැනි රැස්වීම පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම