Mengtian පරීක්ෂණ මොඩියුලය කේන්ද්‍රීය මොඩියුලයේ ඉදිරි පිවිසුම සමඟ සාර්ථකව සංයෝජනය වේ
2022-11-01 10:48:49
Share with:

චීනයේ Mengtian පරීක්ෂණ මොඩියුලය කක්ෂයට ඇතුළුවීමෙන් පසු, බෙයිජිං වේලාවෙන් අද (1) 4:27 ට Tianhe කේන්ද්‍රීය මොඩියුලයේ ඉදිරි පිවිසුම සමඟ සාර්ථකව සංයෝජනය වී තිබේ. සම්පූර්ණ සංයෝජන ක්‍රියාවලියට පැය 13ක් පමණ ගතවූ බව, චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය  නිවේදනය කළේය.

ඉදිරියේ දී Mengtian පරීක්ෂණ මොඩියුලයේ තත්ත්ව සැකසුම, පූර්ව සැලසුම් අනුව ක්‍රියාත්මක වනු ඇත. Mengtian පරීක්ෂණ මොඩියුලය, Tianhe කේන්ද්‍රීය මොඩියුලය සහ Wentian පරීක්ෂණ මොඩියුලය කක්ෂගතව පවතින චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ "T" හැඩයේ එකතුවක් නිර්මාණය කරනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම