ජර්මන් චාන්සලර්වරයා චීනයේ සංචාරයකට සූදානම්
2022-11-01 18:43:23
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතා ගේ ආරාධනයෙන් ජර්මන් චාන්සලර්වරයා නොවැම්බර් 4 වන දින චීනයේ නිල සංචාරයක නිරත වන බව විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian අද (1 ) මාධ්‍ය හමුවකදී හෙළි කළේය.

චීනය සහ ජර්මනිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය මෙම වසරේ සනිටුහන් වන බව Zhao Lijian පැවසීය. චීනය සහ ජර්මනිය පුළුල් උපායමාර්ගික හවුල්කරුවන්ය. මෙම සංචාරය කොරොනා වසංගතය පැතිර යාමෙන් පසු යුරෝපා නායකයෙකු චීනයට කරන පළමු සංචාරයයි. මෙම සංචාරය නව යුගයේ චීන-ජර්මන් පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ ගැඹුරු සංවර්ධනයට නව ජවයක් ලබා දෙන අතර ලෝක සාමය, ස්ථාවරත්වය සහ වර්ධනයට දායක වනු ඇතැයි චීනය විශ්වාස කරන බව Zhao Lijian පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම