නිදහස් ශ්‍රී ලංකාවේ අභියෝගාත්මකම අයවැය ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය ඇමති කියයි
2022-11-01 14:53:45
Share with:

නිදහස් ශ්‍රී ලංකාවේ අභියෝගාත්මකම අයවැය ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා කියයි. රටේ ආර්ථික ස්වෛරීත්වය ආරක්‍ෂා කර ගනිමින් ජනතාව ජීවත් කරලීමේ අභියෝගයට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මෙවර අයවැයේදී මුහුණදී සිටින බව ඔහු සදහන් කරයි. කෑගල්ලේ  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය ඇමතිවරයා පැවසුවේ මේ අසීරු අවස්ථාවේ විපක්‍ෂය සම්ප්‍රදායිකව කටයුතු කිරීම සැබවින්ම කණගාටුවට කරුණක් බවයි. මේ අවස්ථාවේ ජනතාවගේ කැපවීම සහ අවබෝධය අත්‍යවශ්‍ය බව රාජ්‍ය ඇමතිවරයා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම