චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය මානව වර්ගයාගේ “අභ්‍යවකාශ නිවහන” වනු ඇත
2022-11-01 10:01:47
Share with:

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් තුන්වන විශාලතම මොඩියුලය වන Mengtian පරීක්ෂණ මොඩියුලය සාර්ථකව ගුවන්ගත කෙරේ. බෙයිජිං වේලාවෙන් ඊයේ (31) 15:37ට සාර්ථකව ගුවන්ගත කෙරුණු එම මොඩියුලය විනාඩි 8 කට පමණ පසු රොකට්ටුවෙන් සාර්ථකව වෙන්වී, නියමිත කක්ෂයට නිසිලෙස ඇතුළු විය. චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කක්ෂීය ඉදිකිරීම් අවසන් අදියරට ළඟාවීම එමගින් සං‍කේතවත් වෙයි.

අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීම චීනයේ අභ්‍යවකාශ කර්මාන්තයේ වැදගත් සන්ධිස්ථානයකි. 1992 දී මිනිසුන් සහිත අභ්‍යවකාශ පියාසර ව්‍යාපෘතියේ නිල අනුමැතියේ සිට 2022 දී අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කක්ෂීය ඉදිකිරීම් අවසන් කිරීම දක්වා, අහස-පොළොව වට-ගමන, මොඩියුලයෙන් පිටත ක්‍රියාකාරකම් වැනි ප්‍රධාන තාක්ෂණයන් චීනය අනුපිළිවෙළින් ප්‍රගුණ කර ඇත.

චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ කටයුතු මුලසිටම සාමය, සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු සංවර්ධනය යන මූලධර්මවලට අනුගත ව ක්‍රියාවට නැංවිණ. ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, රුසියාව, පාකිස්ථානය, එක්සත් ජාතීන්ගේ පිටත අභ්‍යවකාශ කටයුතු පිළිබඳ කාර්යාලය හා යුරෝපා අභ්‍යවකාශ කාර්යාලය සමඟ චීනය සහයෝගීතා ගිවිසුම් අත්සන් කර ඇත. මෙවන් විවිධ සහයෝගිතා ව්‍යාපෘතිවලින් ඵලදායී ප්‍රතිඵල ද හිමිව තිබේ.

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය , එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවලට විවෘත වී ඇති පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථාන ව්‍යාපෘතියයි. මේ වන විට, රටවල් 17 ක සහ ආයතන 23ක ව්‍යාපෘති 9 ක් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අත්හදා බැලීම් සඳහා තෝරාගැනුණු ව්‍යාපෘතිවල පළමු කණ්ඩායම බවට පත්ව ඇත. අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට චීනයේ නොපසුබට උත්සාහයට එය මනා සාක්ෂියකි.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම