ජනාධිපති ෂී ජින් පිං වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් හමු වෙයි
2022-10-31 20:24:24
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් හා ජනාධිපති ෂී ජින් පිං මහතා සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් Nguyen Phu Trong මහතා අතර සාකච්ඡාවක් පැවැත්වේ.

එම සාකච්ඡාව අද (31) බෙයිජිං මහජන මහ ශාලාවේදී පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වනි ජාතික කොංග්‍රසයෙන් පසු තමාට හමුවූ පළමු විදේශ නායකයා Nguyen Phu Trong බවත් වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ 13 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු  Nguyen Phu Trong  මහතා ගේ පළමු විදෙස් සංචාරය මෙය  බවත් ෂී ජින් පිං මහතා එම සාකච්ඡාවේදී පෙන්වා දී තිබේ. චීන-වියට්නාම දෙරට අතර සහ දෙරට කොමියුනිස්ට් පක්ෂ අතර සබඳතා වර්ධනය කිරීමේ විශාල වැදගත්කම ඉන් සම්පූර්ණයෙන්ම පිළිබිඹු වන බව ද ෂී ජින් පිං මහතා සඳහන් කළේය.

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයේ සම්පූර්ණ සාර්ථකත්වයට වියට්නාමයේ පක්ෂය, රට සහ ජනතාව වෙනුවෙන් නැවත උණුසුම් සුබපැතුම් පිරිනමන බව Nguyen Phu Trong මහතා එහිදී පැවසීය.

"දිගුකාලීන ස්ථාවරත්වය, අනාගත දිශානතිය, යහපත් අසල්වැසි මිත්‍රත්වය හා පූර්ණ සහයෝගීතාව" සඳහා වන උපදෙස් මෙන්ම "හොඳ අසල්වැසියන්, හොඳ මිතුරන්, හොඳ සහෘදයන්, හොඳ හවුල්කරුවන් " යන චින්තනයට දෙපාර්ශ්වයේම සහය හිමිවිය යුතු බවට එහිදී නායක දෙපළ එකඟ වී තිබේ. එසේම, සාම්ප්‍රදායික මිත්‍රත්වය තහවුරු කරමින්, උපායමාර්ගික හුවමාරු ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය දියුණු කිරීම, මතභේද නිසි ආකාරයෙන් පාලනය කිරීම හා නවයුගයේ චීන -වියට්නාම පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව නව මට්ටමකට ඉහළ නංවා ගැනීම සඳහා කටයුතු කරන බවට ද දෙපාර්ශ්වයේ එකඟතාව පළවිය.

සාකච්ඡාවෙන් පසු, ෂී ජින්පිං මහතා සහ Nguyen Phu Trong මහතා හමුවේ දෙරටේ දේශපාලන පක්ෂ, ආර්ථිකය සහ වෙළඳාම, පරිසර ආරක්ෂාව, සංස්කෘතිය සහ සංචාරක, අධිකරණය, රේගු සහ පළාත් සහයෝගිතා යන ක්ෂේත්‍රවල සහයෝගිතා ලේඛනයන්ට අත්සන් තැබිණ.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම