චීන පාකිස්ථාන සබඳතා තවරදුරටත් වර්ධනය කිරීම පිළිබඳව චීනයේ අපේක්ෂා
2022-10-31 19:13:05
Share with:

චීන මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂාබාස් ෂරීෆ් මහතා චීනයේ සංවර්ධන ජයග්‍රහණ, චීන-පාකිස්තාන සබඳතා සහ චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝව ඉදිකිරීම පිළිබඳව ප්‍රශංසා කළ අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු එළඹෙන තම චීන සංචාරය පිළිබඳ අපේක්ෂාවන් පළ කළේය.

විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian අද (31) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී කියා සිටියේ අගමැති ෂාබාස් ෂරීෆ් මහතාගේ ප්‍රකාශය චීනය ඉතා අගය කරන බවයි. පාකිස්ථාන අගමැතිවරයා මෙවර චීන සංචාරයට දක්වන විශාල වැදගත්කම, චීන-පාකිස්ථාන සබඳතාවල ඉහළ මට්ටම සහ දෙරට ජනතාව  අතර ගැඹුරු මිත්‍රත්වය ඉන් මනාව පෙන්නුම් කෙරේ.

හෙට චීනයේ සංචාරය ආරම්භ කරන අගමැති ෂාබාස් ෂරීෆ් උණුසුම් ලෙස පිළිගන්නා චීනය, චීන-පාකිස්තාන මිත්‍රත්වය‍ට ඉහළ සැලකිල්ල දක්වමින්, දෙර‍ටේ ප්‍රතිලාභ වර්ධනය සහතික කර, පාකිස්තානය සමඟ ඉහළ මට්ටමේ උපාය මාර්ගික සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව Zhao Lijian පැවසීය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම