රුසියානු-චීන මිත්‍ර සංගමය පිහිටුවීමේ 65වැනි සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපතිවරයා ගෙන් සුබ පැතුම්
2022-10-31 15:15:55
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියානු-චීන මිත්‍ර සංගමය පිහිටුවීමේ 65වැනි සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පිරිනමයි.

රුසියානු-චීන මිත්‍ර සංගමය ස්ථාපිත කිරීමෙන් පසු ගෙවුණු වසර 65 තුළ ආරම්භයේ සිටම චීනයට මිත්‍රශීලී ආකල්පයකින් යුතුව දෙරට ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධ, මිතුදම හා විශ්වාසය වැඩිදියුණු කොට දෙරට මිත්‍ර සබඳතාවේ සාමාජීය ජනමත පදනම තහවුරු කිරීමට වැදගත්  කාර්යභාර ඉටු කොට තිබෙන බව ෂී ජින් පිං මහතා පසුගිය 29වැනිදා එම සුබ පැතුම් පණිවිඩය පිරිනමමින් පෙන්වා දුන්නේය.

රුසියානු-චීන මිත්‍ර සංගමය සිය යහපත් සම්ප්‍රදායන් ඉදිරියට ගෙන යමින් චීන-රුසියානු ජනතාව අතර බැඳීම ප්‍රවර්ධනය කිරීමෙහිලා වැඩි කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ෂී ජින් පිං මහතා සඳහන් කළේය.

29වැනිදා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා ද රුසියානු-චීන මිත්‍ර සංගමය පිහිටුවීමේ 65වැනි සංවත්සරයට සුබපැතුම් පණිවිඩයක් යොමු කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම