2022 වසරේ ලෝක නගර දිනයට අනුබද්ධ ක්‍රියාකාරකම් වලට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-10-31 19:13:03
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 2022 වසරේ ලෝක නගර දිනයට අනුබද්ධ ගෝලීය ප්‍රධාන ක්‍රියාකාරකම සහ 2වන නාගරික තිරසර වර්ධන ගෝලීය සමුළුවට සුබ පැතුම් ලිපියක් යොමු කරයි. හෙතෙම අද(31) එම ලිපිය යොමු කළේ ය.

විවිධ රටවල නගර ගෝලීය සංවර්ධන මුලපිරුමට එක්වනු ඇතැයි ෂී ජින් පිං මහතා අපේක්ෂාව පළ කරයි. ඉන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2030 වසරේ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය හා ‘ නව නගර න්‍යාය පත්‍රය ’ සැබෑ කිරීම තහවුරු කළ හැකි වනු ඇති අතර, ආර්ථික පුනරුත්ථාපනයට සවියක් ලබා දීමට ද අපේක්ෂා කෙරේ. ජෛව පරිසර ගුණාත්මකභාවය යහපත් කරමින්, නගර පාලන කාර්යාක්ෂමතා ඉහළ නංවා ගෝලීය තිරසර සංවර්ධනය පොදුවේ තහවුරු කළ හැකි බව ෂී ජින් පිං මහතා සිය ලිපිය මගින් සඳහන් කළේ ය.

2022 වසරේ ලෝක නගර දිනයට අනුබද්ධ ගෝලීය ප්‍රධාන ක්‍රියාකාරකම සහ 2වන නාගරික තිරසර වර්ධන ගෝලීය සමුළුව අද(31) චීනයේ ෂංහැයි නගරයේ දී ආරම්භ කෙරිණ. එහි තේමාව ‘ ප්‍රාදේශීය ක්‍රියාකාරීත්වයේ සිට විදේශය දක්වා ක්‍රියා කරන්නෙමු ’ යන්නයි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම