ඉන්දියාවේ කේබල් පාලමේ අනතුරින් සිදුවූ ජීවිත හානි පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයේ ශෝකය
2022-10-31 18:37:50
Share with:

 ප්‍රකාශක Zhao Lijian මහතා අද (31) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කේබල් පාලමක් කැඩී යාමෙන් මියගිය අය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කළ අතර ඔවුන්ගේ පවුල්වලට සහ තුවාල ලැබූවන්ට සිය කණගාටුව  පළ කළේය.

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඊයේ (30) කේබල් පාලමක් කැඩී යාමෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 141  දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. මෙම කේබල් පාලම මොබි කලාපයේ මර්කු ගඟ හරහා ඉදිකර තිබූ අතර එය වසර සියයක් පමණ පැරණි බව ප්‍රාදේශීය බලධාරීහූ පවසති.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම