චීන ජාතික මහජන කොංග්‍රසයේ 13වන ස්ථාවර කමිටුවේ 37වන සමුළුව අවසන් වෙයි
2022-10-30 18:35:44
Share with:

චීන ජාතික මහජන කොංග්‍රසයේ 13වන ස්ථාවර කමිටුවේ 37වන සමුළුව අවසන් වෙයි. ස්ථාවර කමිටු සභාපති ලී චෑන්ෂූ මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (30) උදේ බෙයිජිංහි මහජන මහ ශාලාවේ දී සමාප්ති සමුළුව පැවැත්විණ.

සංශෝධිත කාන්තා අයිතිවාසිකම් ආරක්ෂණ නීතිය, කහ ගංගා ආරක්ෂණ නීතිය සහ සංශෝධිත සත්ව පාලන නීතිය එම සමුළුවේදී සම්මත කෙරිණ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අංක 122, 123, 124 සහ 125 දරන ජනාධිපති නියෝගවලට අත්සන් තැබීය.

ෂී ජින්පිං මහතා කේන්ද්‍රය ලෙස ගන්නා, පක්ෂ මධ්‍යම කාරක සභාව සමග වඩාත් සමීපව එක්සත් වී චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයේ චින්තනය, චීන ජාතික මහජන කොංග්‍රස කාර්යභාරයේ සියලුම අංගවලට එක් කළ යුතු බව සමුළුව අමතමින් ලී චෑන්ෂූ මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම