තම චීන නිල චාරිකාව ද්විපාර්ශ්වික සබඳතාව ශක්තිමත් කරනු ඇතැයි පාකිස්ථාන අගමැතිවරයා පවසයි
2022-10-30 16:23:40
Share with:

පාකිස්ථාන අගමැති Shehbaz Sharif මහතා එළඹෙන 1දා චීනයේ නිල සංචාරයක් අරඹයි.

අගමැතිවරයා ඊට පූර්වගාමීව චීන මාධ්‍ය සමූහය ඇතුළු චීන මාධ්‍යයන්හි සම්මුඛ සාකච්ඡාවන්ට එක්විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයෙන් පසුව චීනයේ නිල චාරිකාවක් සඳහා මුලින්ම ඇරයුම් ලද නායකයෙකු වීම තමාට ඉතා ගෞරවයක් මෙන්ම සතුටුදායක කරුණක් බව Shehbaz Sharif මහතා එහිදී ප්‍රකාශ කළේය. මෙවර සංචාරය ද්විපාර්ශ්වික සබඳතාව ශක්තිමත් කරමින් වාණිජ, වෙළඳ හා උපායමාර්ගික සම්බන්ධතා ප්‍රවර්ධනය කරනු ඇතැයි ද හෙතෙම බලාපොරොත්තු පළකරයි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා ඇතුළු නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීම සඳහා තමා අපේක්ෂාවෙන් සිටින බව ද පාකිස්ථාන අගමැතිවරයා පැවසීය.


ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම