දකුණු කොරියාවේ තෙරපීමේ සිද්ධිය පිළිබඳව චීන ජනපතිගේ ශෝකය පළවේ
2022-10-30 15:31:21
Share with:

දකුණු කොරියාවේ සෝල් අගනුවර තෙරපීමේ සිද්ධියෙන් ජීවිත හානි විශාල සංඛ්‍යාවක් සිදුවීම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, දකුණු කොරියානු ජනාධිපති Yoon Seok-Youl මහතා වෙත ශෝක පණිවුඩයක් යොමුකරයි. 

අනතුර පිළිබඳ දැඩි ශෝකය පළකරන තමා, ඉන් මියගිය පිරිසගේ ඥාතීන් හා තුවාල ලැබූවන් වෙත අවංක සංවේගය පුදකරන බව චීන ජනාධිපතිවරයාගේ පණිවුඩයේ දැක්වේ. මෙම අනතුරෙන් චීන ජාතිකයන් පිරිසක් ද මරණයට පත්වූ අතර, කිහිපදෙනෙකු තුවාල ලබා ඇත. එම තුවාල ලැබූවන්ට ප්‍රතිකාර මෙන්ම මියගිය අයගේ අවමංගල්‍ය කටයුතු සඳහා අවශ්‍ය පියවර ගනු ඇතැයි  අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං මහතා කියාසිටී.

මේ අතර චීන අගමැති ලී කච්‍යං මහතා ද, දකුණු කොරියානු අගමැති Han Duck-soo මහතා වෙත ශෝක පණිවුඩයක් යොමුකළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම