කළු මුහුදේ වරායන් මගින් කෘෂිකාර්මික නිෂ්පාදිත වෙනත් රටවලට ප්‍රවාහනය කිරීමේ ගිවිසුම අත්හිටුවේ
2022-10-30 17:09:10
Share with:

කළු මුහුදේ වරායන් මගින් කෘෂිකාර්මික නිෂ්පාදිත වෙනත් රටවලට ප්‍රවාහනය කිරීමේ ගිවිසුම අත්හිටුවන බව රුසියාව ප්‍රකාශ කරයි.

යුක්‍රේන‍ ඩ්‍රෝන යානා, කළු මුහුදේ Sevastopol වරායේ සිට රුසියාවේ කළු මුහුදු නාවික හමුදා නෞකා හා සිවිල් නෞකා වෙත ‘ත්‍රස්තවාදී ප්‍රහාර’ එල්ල කළ බව, රුසියානු ජාතිකාරක්ෂක අමාත්‍යංශය ඊයේ(29) ප්‍රකාශ කළේය. මින් අනතුරුව, කළු මුහුදු වරායන් ඔස්සේ කෘෂිකර්ම නිෂ්පාදිත වෙනත් රටවලට ප්‍රවාහනය කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම, නිශ්චිත කාල සීමාවකින් තොරව නතර කරන බව රුසියානු විදේශ අමාත්‍යංශය නිවේදනය කර තිබේ. මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාව සමග මේ පිළිබඳව සාකච්ඡා කිරීමට උත්සාහ දරමින් සිටින බව ද වාර්තා වේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම