චීන කොමියුනිස්ට් පක්ෂය නිර්මාණශීලිත්වයෙන් ක්‍රියා කිරීමේ පදනම රටේ විශිෂ්ඨ සාම්ප්‍රදායික සංස්කෘතිය බව චීන ජනපති කියයි
2022-10-29 19:13:10
Share with:

28 වනදා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හෙනන් පළාතේ නිරීක්ෂණයේදී විශේෂයෙන් යින් නටබුන් ස්ථානයට පැමිණියේය. 

යින් නටබුන් ස්ථානය මධ්‍යම චීනයේ  හෙනන් පළාතේ අන්යන්ග් නගරයේ වයඹදිග ප්‍රදේශයේ පිහිටා ඇත. වර්ග කිලෝමීටර් 30ක් සහිත යින් නටබුන් ස්ථානය රටේ වැඩිම පුරා වස්තු ගවේෂණ ඉතිහාසයක් සහිත, වැඩියෙන්ම කැණීම් සිදු කෙරුණු, විශාලතම පැරණි නුවරක නටබුන් ස්ථානයයි.

චීන කොමියුනිස්ට් පක්ෂය නිර්මාණශීලිත්වයෙන් ක්‍රියා කිරීමේ පදනම චීනයේ විශිෂ්ඨ සාම්ප්‍රදායික සංස්කෘතිය බව හෙතෙම එහිදී අවධාරණය කර ඇත. සංස්කෘතික විශ්වාසය තහවුරු කර ගෙන චීන ජාතිකයෙකු වීම පිළිබඳ ස්වයං විශ්වාසය හා ගෞරවය ශක්තිමත් කර ගත යුතු යැයි ද ඔහු කියා සිටියේය. 

ගුවන් විදුලිය
20230322බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම