පාලනයෙන් තොර ඇමරිකාවේ අවි ප්‍රචණ්ඩත්වය
2022-10-29 19:31:10
Share with:

ඇමරිකානු ලාභ නොලබන සංවිධානයක් වන K-12 School Shooting Database හි නවතම දත්ත වලට අනුව, මෙම වසරේ මේ දක්වා, ඇමරිකාවේ පාසල් වෙඩි තැබීම් සිද්ධි 260 ක් සිදු වී ඇත.එය වසරක් තුළ වාර්තා වූ ඉහළම පාසල් වෙඩි තැබීමේ සිද්ධීන් සංඛ්‍යාවය.

වෙඩි තැබීමේ සිද්ධීන්ට  මුහුණ දීම සඳහා ඇමරිකාවේ ගුරුවරුන් සහ සිසුන් හොඳින් පුහුණු වී සිටියද, එවැනි සිදුවීම් වැළැක්විය නොහැකිය. ඇමරිකානු ජනතාවගේ     මානසික තත්ත්වය කෙරෙහි එය දැඩි බලපෑමක් එල්ල කර ඇත.

ඇමරිකාවේ අවි ප්‍රචණ්ඩත්වය යෞවනයන්ගේ මානසික සෞඛ්‍යයට සිතාගත නොහැකි තරමේ හානියක් සිදු කර ඇත. වර්තමානයේ, කාංසාව සහ මානසික අවපීඩනයෙන් පෙළෙන ඇමරිකානු යෞවනයන්ගේ අනුපාතය අඛණ්ඩව වැඩිවෙමින් පවතී.  ඇතැම් සිසුහූ අධ්‍යාපනයට වඩා අවි ප්‍රචණ්ඩත්වය කෙරෙහි වැඩි අවධානය හා කණස්සල්ල දක්වති.

ඇමරිකාව දැනට පවතින පාලනයෙන් තොර අවි ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීමට  බාධා වී ඇත්තේ  අවි දැරීමට ඇති අයිතිය පිළිබඳ ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන සංශෝධනය වෙනස් කිරීමට නොහැකි වීම පමණක් නොව,ඇමරිකාවේ පක්ෂ දෙක තුළ  පවතින "නිෂේධ දේශපාලනය" ඊටත් බලපා ඇත.එමෙන්ම ඇමරිකාවේ ජාතික රයිෆල් සංගමය වැනි කණ්ඩායම්වල බලපෑම් ද ‍ඊට හේතුවී ඇත.

ඇමරිකනු දේශපාලන ක්‍රමයේ ඇති අඩුපාඩු නිවැරැදි කිරීමට  නොහැකි වුවහොත්, ඇමරිකානු දේශපාලන ක්ෂේත්‍රය සෑමවිටම ආත්මාර්කාමීන් විසින් පාලනය කළහොත්, අවි සහ ශරීර සන්නාහ අලෙවි කරන ව්‍යාපාරික කණ්ඩායම් සැමවිටම පාලනයෙන් තොරව ක්‍රියා කළහොත් ඇමරිකානු ජනතාවට අවි ප්‍රචණ්ඩත්වයේ භීතිකාවෙන් ගැලවීමට නොහැකි වනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම