Mengtian පරීක්ෂණ මොඩියුලයේ පූර්ව ගුවන්ගත කිරීමේ අභ්‍යාසය සාර්ථකයි
2022-10-29 19:35:11
Share with:

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් Mengtian පරීක්ෂණ මොඩියුලයේ පූර්ව ගුවන්ගත කිරීමේ අභ්‍යාසය සම්පූර්ණ කෙරේ.

Mengtian පරීක්ෂණ මොඩියුලය පිළිබඳ තාක්ෂණික පරීක්ෂණය, ධාවකය සවිකිරීම, ලෝන්ග්මාර්ච් 5 B වාහක රොකට්ටුවේ සමස්ත සවිකිරීම හා පරීක්ෂණය, මොඩියුලය හා රොකට්ටු ඒකාබද්ධ ක්‍රියාකාරීත්ව පරීක්ෂණය, සංයුක්ත පද්ධතියේ සිරස් ප්‍රවාහනය ඇතුළු කටයුතු මෑතකදී සම්පූර්ණ කර ඇත. කාර්ය පරීක්ෂණ හා දත්ත විශ්ලේෂණය හා සැසඳීම ද සිදු කර අවසන් වී තිබේ.

Mengtian පරීක්ෂණ මොඩියුලය ගුවන්ගත කිරීමට අදාල උපකරණ යහපත් තත්ත්වයේ පවතින බවත්, ගුවන්ගත කිරීමේ මෙහෙවර සාර්ථකව ඉටු කිරීමේ පූර්ණ අධිෂ්ඨානයක් හා විශ්වාසයක් සහිත බවත් ෂීචාන්ග් චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන ඉංජිනේරු චොන්ග් වෙන්අන් මහතා පවසා ඇත.


ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම