චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයෙන් පසු චීන ජනාධිපතිවරයා සිදු කරන ප්‍රථම දේශීය සංචාරය...
2022-10-29 16:46:39
Share with:

ඔක්තෝබර් 26 වැනිදා සිට 28 වැනිදා දක්වා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ශාන්ෂී පළාතේ යන්අන් නගරයේ හා හෙනන් පළාතේ අන්යන්ග් නගරය නිරීක්ෂණය කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයෙන් අනතුරුව ඔහු සිදු කළ ප්‍රථම දේශීය සංචාරය මෙයය.

26වනදා පස්වරුවේ ෂී ජින්පිං මහතා ප්‍රථමයෙන්ම යන්අන් නගරයේ නන්ගෝ ගම්මානයට පැමිණ එහි ඇපල් අස්වනු තත්ත්වය විමසුවේය. එම ගම්මානයට ඇපල් වගාව පිළිබඳ නව තාක්ෂණ හඳුන්වා දීම හේතුවෙන් ඇපල් අස්වැන්න හා අලෙවිය යහපත් තත්ත්වයක පවතින බව දැන ගත් ෂී ජින්පිං මහතා, නන්ගෝ ගම්මානයේ ඇපල් වගාවේ ජයග්‍රහණයට දායක වූයේ ස්වභාවික පහසුකම්, භූ ගෝලීය වාසී පමණක් නොව ජනතාවගේ ප්‍රයත්නයන් බව පැවසීය.  

28වනදා උදේවරුවේ ෂී ජින්පිං මහතා හෙනන් පළාතේ අන්යන් නගරයේ ලින්චෞ ප්‍රදේශයේ  පිහිටි හොන්ග්චී ඇළ ව්‍යාපෘතිය ඇති පරිශ්‍රයට පැමිණ  නිරීක්ෂණයක නිරත විය.

හොන්ග්චී ඇළ ව්‍යාපෘතිය පසුගිය සියවසේ 60 දශකයේ ලින්චෞහි ලක්ෂයක පමණ පිරිසක්  වාරි මාර්ග තාක්ෂණිකයින් සමග එක්ව වසර 10ක කාලයකින් සම්පූර්ණ කළ දැවැන්ත වාරි මාර්ග ව්‍යාපෘතියකි. කඳු මුදුන් 1250ක් සමතලා කිරීම, උමඟ 211ක් කැණීම, කෘත්‍රිම ඇළ 152ක් ඉදි කිරීම මගින්, ‘චාන්ග් හෙ’ ගඟාවේ ජලය, ලින්චෞ ප්‍රදේශයට ගෙන‍ ගොස් එහි ලක්ෂ පහක ජනතාවගේ පානීය ජල ගැටළුව නිරාකරණය කිරීමට සමත් විය. එය, අවදානම්, අසීරුතා සපිරි ඉතා කටුක ව්‍යාපෘතියකි. ‘ස්වයං උත්සාහය, අසීරුතාවලට බිය නොවීම, සමගිය, පරාර්ථකාමීත්වය’ පිළිබඳ ‘හොන්ග්චී ඇළේ ජීවගුණයක්’ ඉන් පෝෂණය විය.

මෙවර චීන ජනාධිපතිවරයා හොන්ග්චී ඇළ ව්‍යාපෘතිය පිහිටි ප්‍රදේශයේ නිරීක්ෂණය කරමින් පැවසුවේ හොන්ග්චී ඇළ, අනුස්මරණ ස්මාරකයක් බවයි. සමාජවාදය ළඟා කර ගැනුණේ පුරෝගාමීන්ගේ දහඩිය රුධිරයෙන්  හා ජීවිත පරිත්‍යාගයෙන් යැයි හොන්ග්චී ඇළේ ජීවගුණය ප්‍රචාරය කරමින්  තරුණ පරපුර දැනුවත් කළ යුතු  බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම