යුක්‍රේන‍යේ හා රුසියාවේ ආහාර හා පොහොර අපනයන පහසුකම් සැලසීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන් ගේ මහ‍ ලේකම්වරයා ගේ පූර්ණ සහාය
2022-10-29 17:24:25
Share with:

යුක්‍රේනයේ හා රුසියාවේ ආහාර හා පොහොර අපනයන පහසුකම් සැලසීමේ ගිවිසුම් පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ‍ගුටෙරස් මහතා සිය සහයෝගය පළ කරයි. කළු මුහුදේ ධාන්‍ය ප්‍රවාහන මුලපිරීම අලුත් කිරීම සහ රුසියානු සමූහාණ්ඩුව සමග ගිවිසුම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා  එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සිය නොසැලෙන කැපවීම සහ දැඩි සහයෝගය ප්‍රකාශ කර සිටී. මෙම ගිවිසුම් දෙකේ අරමුණ යුක්රේන සහ රුසියානු ධාන්‍ය සහ පොහොර ගෝලීය ආහාර අර්බුදයක් වළක්වා ගැනීමට සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට අවශ්‍ය වේගයෙන් හා මිලට ගෝලීය වෙලඳපොල වෙත ළඟා කරවීම සහතික කිරීමය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ඉලක්කය වෙනුවෙන් සියලු පාර්ශ්ව සමඟ ක්‍රියාකාරී සහ අඛණ්ඩ සබඳතා මත ක්‍රියා කරන බවද මහ ලේකම්වරයා නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම